Back to Top

අවබෝධයෙන් කටයුතු කරන සමාජයක් ගොඩනැගිය යුතුයි

අවබෝධයෙන් කටයුතු කරන සමාජයක් ගොඩනැගිය යුතුයි

August 12, 2017  10:12 am

Bookmark and Share



රටේ ආර්ථික සමාජ හා ජනවාර්ගික ගැටළු සඳහා විසඳුම් ඇත්තේ විශ්වාසයෙන් යුතුව සියලුදෙනාට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තුළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ගිහි පැවිදි දෙපාර්ශවයේම අසමඟිය නැති කරමින් සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කරන සමාජයක් රට තුළ ගොඩනැගීමට එක්විය යුතු බවයි.

මාතර-වෙහෙරහේන පූර්වාරාම රජ මහා විහාරස්ථානයේ පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.