Back to Top

 මරදාන-කොටුව දුම්රිය නියාමකවරුන් වැඩවර්ජනයක

මරදාන-කොටුව දුම්රිය නියාමකවරුන් වැඩවර්ජනයක

August 12, 2017  10:08 am

Bookmark and Share



මරදාන හා කොටුව දුම්රිය ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන  දුම්රිය නියාමක නිලධාරීන් අද(12) පෙරවරු 10 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

--------------

Update:11.21 am

දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය පැයක පමණ කාලයකට සීමා වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සිය විවේක කාමර  ඇතුළු ස්ථානවල පවතින මකුණූ උවදුරට නිසි පිළියම් නොයෙදීම  හේතුවෙන් දුම්රිය නියාමකවරුන් අද(12) උදැසන 10.00 සිට වර්ජනයක් ආරම්භ කරන බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම වර්ජනය පැයක පමණ කාලයකට සීමා වූ බව වාර්තා වෙයි.

මෙම කාලය තුළ කිසිඳු දුම්රියක් අවලංගු කිරීමට අවශ්‍යතාවක් සිදු නොවුණු අතර එක් දුම්රියක් පමණක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.