Back to Top

නීති උල්ලංඝණය කළ 3ට වැඩ වරදී

AdaDerana Ad

නීති උල්ලංඝණය කළ 3ට වැඩ වරදී

August 12, 2017  10:01 am

Bookmark and Share



ආගම විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු  සමන්තුරය, නින්දවූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ඉන්දීය ජාතිකයින් ගොයම් කපන යන්ත්‍රවල රියදුරන් වශයෙන් සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

ඔවුන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් අද (12) සමන්තුරය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සමන්තුරය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.