Back to Top

ගංජා සමඟ 4ක් මාට්ටු

ගංජා සමඟ 4ක් මාට්ටු

August 12, 2017  09:57 am

Bookmark and Share


 
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 30යි ග්‍රෑම් 580ක් ළඟ තබාගෙන සිට පුද්ගලයින් සිව් දෙනෙකු මන්නාරම, එලුනූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී යතුරුපැදි දෙකකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටි මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පේසාලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් අද(12) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.