Back to Top

ළිඳට 2ක් බිලි

AdaDerana Ad

ළිඳට 2ක් බිලි

August 12, 2017  09:55 am

Bookmark and Share



ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේදී කෘෂි ළිඳක දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිළී මියගොස් තිබේ.

ප්‍රදේශයේ පාළු කෘෂි ළිඳක මොවුන් දිය නෑමට ගොස් ඇති අතර පසුව දියේ ගිළී මියගොස් සිටියදී අදාළ මළ සිරුරු සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ ආනන්දපුරී හා පුලියන්කුලම ප්‍රදේශවල පදිංචිව සිටි 15 හා 16 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

මෘත ශරීර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඥාතීන් හට බාරදී ඇති අතර උප්පුවේලි පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.