Back to Top

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙමළ ඉගැන්වීම කාලෝචිතයි!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙමළ ඉගැන්වීම කාලෝචිතයි!

August 12, 2017  07:58 am

Bookmark and Share



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දෙමළ භාෂාව ඉගැන්වීම කාලෝචිත කාර්යයක් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ඔහු පවසන්නේ ජාතීන් අතර සමඟිය ගොඩනැගීම රටේ සංවර්ධනයට ද මනා පිටුබලයක් වන බවයි.

මන්ත්‍රීවරු සඳහා දෙමළ භාෂා පාඨමාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කරූ ජයසූරිය මහතා  මේ බව කියා සිටියේය.

එම අවස්ථාවට සහභාගී වූ ජාතික සහජිවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසුවේ භාෂා ගැටළුව විසදීමෙන් ජාතික ගැටළුවෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් විසදිය හැකි බවයි.