Back to Top

සයුරෙන් එතෙර

ලොව උණුසුමින් වැඩිම වසර මෙම වසරයි

ලොව උණුසුමින් වැඩිම වසර මෙම වසරයි

August 11, 2017  10:14 am

Bookmark and Share


ලොව උණුසුමින් වැඩිම වසර මෙම වසර බවට අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් ඉදිරිපත් කළ වාර්තාවකින් අනාවරණය කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ 1850 වසරෙන් පසු ගත වූ වසර තුන  තුළ පෘථිවි උෂ්ණත්වය ඉහළම අගයන් වාර්තා වන බවයි.

පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්ර ජන් ඔක්සයිඩ් යන වායු සංයුතිය ඉහළ ගොස් තිබේ.

පළමු වරට කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වායු කොටස් මිලියනයකින් කොටස් 400 සීමාව ඉක්මවා ඇති බව අනාවරණය වී ඇත.

පොළව මතුපිට සහ මුහුදේ උෂ්ණත්වය මෙන්ම හරිතාගාර වායු ඉහළයාම හේතුවෙන් නියඟයන්, අයිස් කඳු දියවීම්, මුහුදු මට්ටම ඉහළයාම් වාර්තා වෙයි.

1993 වසර හා සැසදීමේදී මුහුදු මට්ටම අගල් 3.25කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි.