Back to Top

  හෙට ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නන් 4ක්

AdaDerana Ad

හෙට ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නන් 4ක්

August 11, 2017  10:08 am

Bookmark and Share

ඉන්දීය කණ්ඩායම සමඟ හෙට(12) ආරම්භ වන තුන්වන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු නම් කර තිබේ.

ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ ළහිරු ගමගේ එම පන්දු යවන්නන් සිව් දෙනායි.

දුෂ්මන්ත චමීර පසුගිය වසරේ නවසීලන්ත තරඟ සංචාරයෙන් පසු ටෙස්ට් තරඟයකට සහභාගී වී නැත.


ඔහු ටෙස්ට් තරඟ 06කදී මේ වන විට කඩුලු 22ක් දවාගෙන තිබේ.

ළහිරු ගමගේ මෙතෙක් ටෙස්ට් වරම් ලබා නොමැති අතර ඉන්දු - ශ්‍රී ලංකා පුහුණූ තරඟයේදී හෝ මෑතකදී සහභාගී වූ පළමු පෙළ තරඟවලදී ඔහුට කඩුලු දවා ගැනීමට හැකි වී නැත.

ළහිරු කුමාර ටෙස්ට් තරඟ 06කදී කඩුලු 23ක් දවාගෙන තිබේ.

විශ්ව ප්‍රනාන්දු පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරඟයකට සහභාගී වී ඇති අතර ඔහු දවාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණි.