Back to Top

කාන්තා ලෝක කුසලාන රග්බි තරගාවලිය ඇරඹෙයි

AdaDerana Ad

කාන්තා ලෝක කුසලාන රග්බි තරගාවලිය ඇරඹෙයි

August 10, 2017  10:39 am

Bookmark and Share
2017 කාන්තා ලෝක කුසලාන රග්බි තරගාවලිය අයර්ලන්තයේදී ඊයේ(09) ආරම්භ විය.

ලබන 26 වන දින දක්වා තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.

තරඟාවලිය සඳහා කාණ්ඩ තුනක් යටතේ රටවල් 12ක් තරඟවදින අතර අයර්ලන්තය, එංගලන්තය, ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව, ඉතාලිය, ස්පාඤ්ඤය, වේල්සය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, හොංකොං සහ ජපානය එම රටවල් වෙයි.

ඒ අනුව තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති තරඟවලදී අයර්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය, එංගලන්තය, කැනඩාව, අමෙරිකාව නියෝජනය කළ කාන්තා කණ්ඩායම් ජය හිමි කර ගත්තේය.