Back to Top

 වෙනිසියුලානු රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්

වෙනිසියුලානු රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්

August 8, 2017  01:46 pm

Bookmark and Share

වෙනිසියුලානු රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝගේ පාලනයට විරෝධය පළ කරමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.

ඒ අනුව එරට ජාතික මැතිවරණ කොමිසම, නාවික හමුදාව ඇතුළු රජයට අයත් ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරය එල්ල වී තිබේ.

පසුගිය ඉරිදා දිනයේ වැලෙන්සියා නගරයේ ස්ථාපිත හමුදා කඳවුරකට පහදුන් කණ්ඩායම් වෙත සහය පළ කෙරෙන පණිවිඩයක් ද සයිබර් ප්‍රහාරකයින් විසින් අදාළ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කර ඇති බව සඳහන්.