Back to Top

AdaDerana Ad

අධිවේගයේ නොමිලේ යන්න ගිලන් රථවලට අවස්ථාවක් ලැබෙයි?

August 8, 2017  10:05 am

Bookmark and Share

ගාස්තු අය කිරීමකින් තොරව අධිවේගී මාර්ගවල ගිලන් රථ ධාවනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

පුත්තලම මුලික රෝහලේ නීරීක්ෂණ චාරිකාවකින් පසුව පැවති සාකච්ඡාවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

එම සාකච්ඡාවට එක්ව සිටි පුත්තලම රෝහලේ කාර්යය මණ්ඩලය පෙන්වා දී ඇත්තේ හදිසි රෝගීන් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමේ දී ගිලන් රථ ධාවනයට අධිවේගී මාර්ගය භාවිත කරන බවයි.

එහිදී අධිවේගී මාර්ග ගාස්තුව ගිලන් රථයේ ගමන් ගන්නා සෞඛ්‍ය සේවකයින්ට ගෙවීමට සිදුව ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ පිළිබඳව අවධානය යොමුකළ සෞඛ්‍ය  අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ගැටළුව ජාතික ප්‍රතිපත්තියක් ලෙස සලකා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදී පුත්තලම රෝහලේ හෙද හෙදියන්ගේ හිඟය පිළිබදව දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.