Back to Top

සයුරෙන් එතෙර

ජපන් වැසියන්ට දැනුවත් කිරීමක්

ජපන් වැසියන්ට දැනුවත් කිරීමක්

August 7, 2017  01:40 pm

Bookmark and Share
Ad
න්‍යෂ්ටික ප්‍රහාරයකදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජපාන වැසියන් දැනුම්වත් කිරිමට එරට රජය පියවර ගෙන තිබේ.

වයඹ දිග ජපානයේ වෙරළාශ්‍රිත ග්‍රාමිය ප්‍රදේශවල ජනතාව සහභාගී කර ගනිමින් එවැනි පෙරහුරු ඊයේ(06) සංවිධානය කර තිබුණි.
 
උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීම සහ එම මිසයිලවලින් වැඩි සංඛ්‍යාවක් ජපානය දෙසට යොමු කිරිම හේතුවෙන් පූර්ව ආරක්ෂක පියවරක් ලෙස පෙරහුරු පැවැත්වෙන  බව වාර්තා වෙයි.

වසර 70කට පමණ පසු න්‍යෂ්ටික  ප්‍රහාරයක්  පිළිබඳ ජපන් වැසියන් මෙවැනි පෙරහුරුවකට සහභාගීවිම විශේෂත්වයක් වෙයි.