Back to Top

ජඩේජාට ටෙස්ට් තරඟය තහනම් වෙයි

ජඩේජාට ටෙස්ට් තරඟය තහනම් වෙයි

August 7, 2017  09:31 am

Bookmark and Share
ඉන්දිය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක රවින්ද්‍ර ජඩේජාට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟය තහනම් කර තිබේ.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිමේදී මලින් ද පුෂ්පකුමාර පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේදී පන්දුව රැගෙන අන්තරාකාරි ලෙස ඔහු වෙත යොමු කිරිම දඬුවමට ආසන්නම හේතුව වී ඇති බව වාර්තා වෙයි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සල රිතිය අනුව ඔහු ගත වූ මාස 24තුළ  එවැනි ක්‍රියා හේතුවෙන් ඝෘණ ලකුණු 06ක් ලබා තිබේ.

ඒ අනුව ජඩේජාට අදාළ තරඟ මුදලින් සියයට 50ක දඩයක් පැනවිමට ද තරඟ තීරක රිචි රිචඩ්සන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අගෝස්තු 12 වනදා පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී ආරම්භ වෙයි.