Back to Top

ඔස්ට්‍රේලියාවේ රන් ගැහැණිය අවසන් ගමන් යයි

ඔස්ට්‍රේලියාවේ රන් ගැහැණිය අවසන් ගමන් යයි

August 7, 2017  09:10 am

Bookmark and Share
ඔස්ට්‍රේලියාවේ රන් ගැහැණිය ලෙස සැලකෙන කෙටි දුර ධාවන ශූරී බෙටී කත්බර්ට් මියගොස් තිබේ.

බටහිර ඔස්ට්‍රේලියාවේදි ඊයේ(06) රාත්‍රී ඇය මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

1956 වසරේ මෙල්බෝන් හිදී පැවැති ඔලිම්පික් තරගාවලියේ මීටර් 100, මිටර් 200 සහ මීටර් 100 සහය ධාවන ඉසව්වලින් රන් පදක්කම් 03ක් දිනා ගැනිමට ඇය සමත් විය.

1964 දී ටෝකියෝ හිදී පැවැති ඔලිම්පික් තරඟාවලියේදී ද බෙටී කත්බර්ට් මීටර් 400 ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන තිබේ.

ඇය සිය ක්‍රීඩා දිවිය තුළ ලෝක වාර්තා 09ක් පිහිටුවිමට සමත්ව ඇති බව වාර්තා වෙයි.