Back to Top

 ජය ඉන්දීය කණ්ඩායමටයි

AdaDerana Ad

ජය ඉන්දීය කණ්ඩායමටයි

August 6, 2017  03:25 pm

Bookmark and Share

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.

ඒ මීට ටික වේලාවකට පෙර නිමා වූ දෙවන ටෙස්ට් තරගය ඔවුන් ඉනිමකින් සහ ලකුණු 53කින් ජයගැනීමත් සමඟයි.

තරගයේ පළමු ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 622ක් ලබාගත්තේය.

එම ඉනිම වෙනුවෙන් චෙතෙෂ්වර් පුජාරා ලකුණු 133ක් ද, අජින් කෙයාර් රහනේ ලකුණු 132ක් ද ලබාගැනීමට සමත් වුණි.

පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 183ක් පමණි.

 පන්දු යැවීමේ දී  අෂ්වින් කඩුළු 5ක් බිද හෙලීය.

ශ්‍රී ලංකා කණ්ඩායම යළි දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භ කළ අතර තරගයේ සිව්වන දිනය වු අද දිනයේ ලකුණු 386කට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 141ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 110ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර  ජඩේජා කඩුලු 5ක් බිද හෙලීය.