Back to Top

සයුරෙන් එතෙර

 අමෙරිකාව පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත්වෙන්න තීන්දුයි?

අමෙරිකාව පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත්වෙන්න තීන්දුයි?

August 5, 2017  12:36 pm

Bookmark and Share


අමෙරිකාව, 2015 පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කළ ලිපියක අමෙරිකාව සඳහන් කර ඇත්තේ තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවයි.

පසුගිය ජුනි මාසයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ගිවිසුමෙන් ඉවත් වන බව ප්‍රථම වරට දැනුම් දී තිබූ අතර එහිදී ඔහු බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වී තිබුණි.

අදාළ ගිවිසුමෙන් ඉවත්වීමට හේතු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වා ඇත්තේ එමඟින් අමෙරිකාවට අවාසිසහගත වන බවත්, අදාළ ගිවිසුම ක්‍රියාත්මක වීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇති බවයි.

කෙසේවෙතත් අමෙරිකාවට වාසිසහගත වන වෙනත් ගිවිසුමක් වෙත තමන්ගේ අවධානය යොමුව ඇති බවටද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.