Back to Top

විමර්ශනයකින් තොරව අත්අඩංගුවට ගෙන නෑ

AdaDerana Ad

විමර්ශනයකින් තොරව අත්අඩංගුවට ගෙන නෑ

July 16, 2017  05:32 pm

Bookmark and Share
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි මත පදනම්ව බවත්, යම් අයෙක් ඒ පිළිබඳ අභියෝග කරන්නේ නම් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත්‍ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණ‍සේකර මහතා පවසයි.

අද(16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ජූලි 19 වන දින දක්වා පසුගිය දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම පැහැර ගනු ලැබු පුද්ගලයින් මුදල් බලෙන් ලබා ගැනීම සඳහා පැහැර ගෙන ගොස් ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 7 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, පැවසු ගුණසේකර මහතා තව දුරටත් කියා සිටියේ අත්අඩංගුවට පත් සියලු සැකකරුවන් නාවික සෙබලුන් වන බවයි.

මෙම ක්‍රියාවලිය කිසි ලෙසකින් නාවික හමුදාවේ ක්‍රියාවලියක් නොවන බවත්, එවකට සේවයේ නියුතු නිලධාරීන් හිතුමතේ තම බලය පරිහරණය කිරීම නිසා මෙය සිදුව ඇති බවත් පැවසු ගුණසේකර මහතා කියා සිටියේ අදාළ පරීක්ෂණ සිදු කිරීම ඉතා සංකීර්ණ වු අතර තවමත් විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවයි.

අතුරුදන් වු පුද්ගලයින්ට සිදුවු දේ පිළිබඳ විමර්ශන සිදු කරනු ලබන අතර ඔවුන් ත්‍රස්ථාවාදීන් නොවන බව ද අනාවරණය වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.