Back to Top

Ad

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම හෙට

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම හෙට

July 16, 2017  04:34 pm

Bookmark and Share
නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පරිවර්තනය කිරීමේ උත්සවය හෙට(17) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද(16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙම රෝහල තුළ ශික්ෂණ රෝහලක තිබෙන සෑම අංගයක්ම හා නවීන උපාංගයන්ගෙන් සමන්විත වන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙම රෝහල තුළින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දීමට බලාපොරොත්තු වන අතර නිදහස් රෝහලක් වශයෙන් පාලන මණ්ඩලයක් මඟින් මෙහෙය වීමට ද බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම සයිටම් රෝහලට චෝදනාවක්ව පැවති රෝගීන් නොමැති වීම මෙම තීරණය තුළින් මඟහැරී යන බවත් අගෝස්තු මස 1 වන දා සිට මෙය ශික්ෂණ රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන බව ද රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.