Back to Top

Ad

ලෝක කුසලාන පාපන්දු තරඟය කටාර් රාජ්‍යයේ පවත්වන්න එපා

ලෝක කුසලාන පාපන්දු තරඟය කටාර් රාජ්‍යයේ පවත්වන්න එපා

July 16, 2017  04:17 pm

Bookmark and Share


2022 වසරේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය කටාර් රාජ්‍යයේ නොපවත්වන ලෙස රටවල් 6ක් ලෝක පාපන්දු සම්මේලනයෙන් ඉල්ලීමක් කර තිබේ.

කටාර් රාජ්‍ය සමඟ රාජතාන්ත්‍රික සබඳතා අත්හිටවු සෞදි අරාබියාව, යේමනය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, බහරේන්, ඊජිප්තුව ඇතුළු රටවල් 6ක් මෙම ඉල්ලීම සිදුකර ඇති බව වාර්තාවේ.

කටාර් රාජ්‍ය ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් එරට සමඟ පවතින සියලු සබඳතා අත්හිටුවීමට එම රටවල් පසුගිය මාසයේ කටයුතු කළේය.

2022 වසරේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වීම ක්‍රීඩකයින්ගේ මෙන්ම නරඹන්නන්ගේ ද ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අතර තරඟාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වුවහොත් එය වර්ජනය කරන බව එම රටවල් පෙන්වා දී ඇත.

කෙසේවෙතත් ත්‍රස්තවාදයට සහය පළ කරන බවට එල්ල වන චෝදනා කටාර් රාජ්‍ය අවස්ථා කිහිපයකදී ප්‍රතික්ෂේප කර තිබේ.