Back to Top

අලි පහරින් නොඑන ගමන් යයි

AdaDerana Ad

අලි පහරින් නොඑන ගමන් යයි

July 16, 2017  04:14 pm

Bookmark and Share


අනුරාධපුර - එප්පාවල, මාවතවැව ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (15) රාත්‍රී  සිය ඉඩමේ පැළක රැඳී සිට ඇති අදාළ පුද්ගලයා අද(16) උදෑසන යළි සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී ඉඩමට කඩා වැදුණු වන අලියෙකු ඔහු පසුපස ලුහුබැඳ පහරදී ඇති බව වාර්තා වේ.

 බරපතළ තුවාල ලැබු මෙම පුද්ගලයා එප්පාවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

 මියගොස් ඇත්තේ 41 හැවිරිදි දෙදරු පියෙකු බව පොලීසිය පවසයි.

මාවතවැව ගම්මානයට නිරන්තරයෙන් වන අලි කඩා වැදෙන අතර මීට වසර කිහිපයකට පෙර ඉදිකිරීම් ආරම්භ කළ විදුලිවැටේ ඉදිකිරීම් කටයුතු අතරමග නතර කරදැමීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.