Back to Top

  තරගාවලියේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට

තරගාවලියේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට

July 10, 2017  05:07 pm

Bookmark and Share


සංචාරක  සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක පස්වැනි එක්දින තරඟයේ ජය හිමිකර ගැනීමට සංචාරක  සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

ඒත් සමගින් එක්දින තරගාවලියේ ජය ඔවුන්ට හිමිවෙයි.

කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 52ක් රැස් කළේ පන්දු 86කට මුහුණ දෙමිනි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීම සඳහා හුදෙකලා සටනක නිරත වෙමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න නොදැවී ලකුණු 59ය.

පසුගිය තරඟයේදී ශතකයක් රැස් කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 03ක් ලබා සිටියදී දැවී ගියේ Tendai Chataraගේ පන්දුවකට කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු පන්දු 47කදී හතරේ පහර 04ක් සමගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 24කි.

ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ Graeme Cremerගේ පන්දුවකට Hamilton Masakadza අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

පන්දු යැවීමේදී Sikandar Raza සිය පන්දු වාර 10 තුල ලකුණු 21කට කඩුලු 03ක් බිද දැමීය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට සිම්බාබ්වේ පන්දු යවන්න් ඉඩ ලබා දුන්නේ නැත.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 38.1දී ලකුණු 204 ක් වාර්තාකරමින් ජය වාර්තා කළේය.