Back to Top

සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 4ක ජයක්

AdaDerana Ad

සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 4ක ජයක්

July 8, 2017  07:13 pm

Bookmark and Share


ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වූ සිව් වන එක්දින තරඟය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 04කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 300කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් සිම්බාබ්වේ ඉනිම පන්දුවාර 31කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය.

ඒ අනුව ඔවුන්ට හිමිවූ ඉලක්කය ලකුණු 219කි.

එම ලකුණු සංඛ්‍යාව කඩුලු 06ක් බිද වැටී තිබියදී පසුකර යාමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණි.

ඒ අනුව තරඟ 05කින් සමන්විත එක්දින තරගාවලිය තරඟ දෙක බැගින් ජයගෙන කණ්ඩායම් 02ක සම තත්වයේ පසුවෙයි