Back to Top

සයුරෙන් එතෙර

අමෙරිකාවේ වෙඩි තැබීම්වලින් 101 මරුට

අමෙරිකාවේ වෙඩි තැබීම්වලින් 101 මරුට

July 6, 2017  09:19 am

Bookmark and Share

අමෙරිකාවේ චිකාගෝ නුවර පසුගිය දින කිහිපය තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 101ක් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර වයස අවුරුදු 13ක පිරිමි දරුවකු ද වන බව විදෙස් මාධ්‍ය පවසයි.

චිකාගෝ හි දකුණු හා බටහිර ප්‍රදේශවල අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී තිබූ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරක්ෂක අංශ නිළධාරීන් පිරිසක් ද අදාළ ප්‍රදේශය වෙත යොමු කර තිබේ.

සෑම වසරකම පාහේ චිකාගෝ නුවරින් මෙවැනි සිදුවීම් වාර්තා වන අතර මේ වන විට  ගිනි අවි භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.