Back to Top

එයාර් ඒසියා එක්ස් හදිසි ගොඩබැස්සවීමක් සිදුකරයි

AdaDerana Ad

එයාර් ඒසියා එක්ස් හදිසි ගොඩබැස්සවීමක් සිදුකරයි

July 4, 2017  08:25 am

Bookmark and Share


එයාර් ඒසියා එක්ස් මගී ප්‍රවාහන ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමක් සිදුකර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි සිට මලයාසියාවේ ක්වාලාලම්පූර් දක්වා පිටත්ව යාමට යානය ගුවන්ගත වී සුළු වේලාවකින් අධික ශබ්දයක් ඇසෙන බවට මගීන් පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගුවන් යානය නැවත එම ගුවන්තොටුපළට ගොඩබැස්සවීමට නියමුවන් කටයුතු කර තිබේ.

 එහිදී අනාවරණය වී ඇත්තේ යානයේ කුරුල්ලන් කිහිපදෙනෙකු ගැටීම නිසා අධික ශබ්දය නිකුත් වී ඇති බවය.

 එම අවස්ථාවේ දී යානයේ මගීන් 350 දෙනෙකු ගමන් කර ඇති අතර දැඩි භීතියකට පත්ව සිටි ඔවුන් පාලනය කිරීම සඳහා කාර්යය මණ්ඩලයට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බව ඒයාර් ඒසියා එක්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර තිබේ.