Back to Top

සයුරෙන් එතෙර

මෝදි ඉන්දීය ඩයස්පෝරාව අමතයි

මෝදි ඉන්දීය ඩයස්පෝරාව අමතයි

June 26, 2017  11:14 am

Bookmark and Share
Ad


ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී අමෙරිකාවේ වෙසෙන ඉන්දිය ඩයස්පෝරාව ආමන්ත්‍රණය කර තිබේ.

වොෂිංටන් ඩී.සී හිදී මීට සුළු වේලාවකට පෙර එම හමුව පැවැති අතර එහිදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ සෑම ඉන්දියානුවෙකුම මව් බිමේ සංවර්ධනය ඉදිරියට ගෙනයාමට දායකවිය යුතු බවය.

ඉන්දියාව වෙනුවෙන් යමක් ඉටු කිරීමට මෙය හොදම අවස්ථාව බව නරේන්ද්‍ර  මෝදි ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දිය අග්‍රමාත්‍යවරයා අද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය.

ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉන්දිය අග්‍රමාත්‍යවරයා වෙත විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමීමට සැලසුම් කර තිබේ.