Back to Top

කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි

AdaDerana Ad

කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි

May 19, 2017  11:00 am

Bookmark and Share


කිලිනොච්චි පලෙයි පොලිස් බල ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ පොලිස් ජංගම රථයකට  වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු රාජකාරි  කරමින් සිට ඇත.

එම ස්ථානයයේ අද (19) අළුයම කළ සෝදිසි  මෙහෙයුමකදී ටී56  ගිනි අවියක කොටස් හමුවී තිබේ.

පොලිස් විශේෂකාර්ය බළකායේ සහ පොලීසිය මේ වන විට  සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර  මෙය කිසිවෙකුගේ කඩාකප්පල් ක්‍රියා බවට සැක පළ කරයි.

වෙඩි ප‍්‍රහාර හේතුවෙන් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට හෝ පොලිස් ජංගම රථයට කිසිඳු හානියක් සිදු නොවී ඇති බවත්, එම ස්ථානයට ආසන්නයේ තිබූ දුම්රිය ආලෝක සංඥා කිහිපයකට වෙඩි ප‍්‍රහාර එල්ලවී තිබූ බව පොලීසිය පවසයි.

බ්‍රහස්පතින්දා (18) ත‍්‍රස්තවාදය අවසන් කළ හා එල්.ටී.ටී.ඊ නායකයා මියගිය දිනය හේතුවෙන් කිසියම් පුද්ගලයකු කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදුකිරීම සඳහා මෙලෙස වෙඩි ප‍්‍රහාර එල්ලකරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

අදාළ ස්ථානය අවට මේ වන විට  යුද හමුදාව , පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිස් නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති අතර කිලිනොච්චිය පොලීසිය හා පලෙයි පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි.