අනුරාධපුර ප්රදේශයේ - පලාගල ප්රදේශයේ දී සිදුවු වන අලි පහරදීමකින් කුඩා දැරියක මියගොස් තිබේ.
අද (19) උදෑසන අදාළ දැරිය ඇගේ මිත්තනිය සමග පෙර පාසල වෙත යමින් සිටියදී වන අලි ප්රහාරයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
වන අලි ප්රහාරයෙන් අදාළ දැරිය මියගොස් ඇති අතර ඇගේ මිත්තනිය සහ තවත් දැරියක තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
මියගොස් ඇත්තේ 5 හැවිරිදි දැරියක බව සඳහන්ය.
මෘත ශරීරය ආඞියාගල රෝහලේ මෘත ශරීරාගරයේ තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.