Back to Top

 බසය ප්‍රපාතයට පෙරළෙයි-23ක් රෝහලේ

AdaDerana Ad

බසය ප්‍රපාතයට පෙරළෙයි-23ක් රෝහලේ

May 19, 2017  09:34 am

Bookmark and Share

නුවරඑළිය, මාගස්තොට ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයටකට පෙරළීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙහි තුවාල ලැබුවන් අතර කාන්තාවන් 4 දෙනෙකු සහ ළමුන් 4 දෙනෙකු සිටි බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබුවන් නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයs.

මෙම අනතුර සිදු වී ඇත්තේ, රියැදුරු බස් රථය ධාවනය කරන අතර තුර ඔහු ආසන්නයේ ඇති දොර විවෘත කිරීමට යාම හේතුවෙනි.