Back to Top

අමරිකානු ආරක්ෂක ප්‍රධානියා ගැන පරික්ෂණ නවතා දමන්න නියෝගයක්

අමරිකානු ආරක්ෂක ප්‍රධානියා ගැන පරික්ෂණ නවතා දමන්න නියෝගයක්

May 17, 2017  08:42 am

Bookmark and Share


අමරිකානු  හිටපු ආරක්ෂක ප්‍රධානියා රුසියාව සමඟ පැවති සම්බන්ධතා පිළිබඳව සිදුකරන පරීක්ෂණ නවතා දමන්නැයි එරට ජනාධීපති එෆ් බී අයි ප්‍රධානියාට නියෝග කර ඇති බවට අනාවරණය වී තිබේ.

එෆ් බී අයි ප්‍රධානී ජේම්ස් කොමී වෙත ලිඛිතව මෙම ඉල්ලීම කර තිබු බව ඇමරිකානු වාර්තා පෙන්වාදී ඇත.

එෆ් බී අයි ප්‍රධානීයා ධවල මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ද ඇමරිකානු ජනාධිපතිවරයා මෙම පරීක්ෂණ අත්හැර දමන ලෙස ඉල්ලීමක් ද කර තිබූ බව වාර්තාවේ.

මයිකල් ෆ්ලයින් යහපත් පුද්ගලයෙකු වන අතර ඔහු ඇමරිකාව ආරක්ෂා කරගැනීමට කටයුතු කල බවටත් ප්‍රකාශ කර තිබූ බව ඇමරිකානු වර්තා පවසයි.

කෙසේවෙතත් ධවල මන්දිරය නිවේනයක් නිකුත් කරමින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.