Back to Top

සයුරෙන් එතෙර

ට්‍රම්ප් අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු හමුවෙයි

ට්‍රම්ප් අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු හමුවෙයි

May 16, 2017  01:18 pm

Bookmark and Share


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අබුඩාබියේ ඔටුන්න හිමි ෂෙයික් මෙහොමඩ් බින් සායද් කුමරු හමුවී තිබේ.

ධවල මන්දිරයේ දී මෙම හමුව පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කලාපීය ආරක්ෂව, වෙළඳ හා ද්වී පාර්ශවික ආයෝජන සම්බන්ධයෙන් එහිදී  ඔවුන් සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරණයේ සිය මැතිවරණ ව්‍යාපාරය තුළ ඉස්ලාමීය වි‍රෝධී ප්‍රතිපත්තියක කටයුතු කළ පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ඉස්ලාමීය නායකයෙකු හමුවීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් අද (16) දිනයේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් ද හමුවීමට නියමිත බව සඳහන්වේ.