Back to Top

ලෝක ටෙනිස් ‍ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ඇන්ඩි මරේට

ලෝක ටෙනිස් ‍ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ඇන්ඩි මරේට

May 15, 2017  05:11 pm

Bookmark and Share
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වලට අනුව තවදුරටත් පෙරමුණ ගැනිමට බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ සමත්ව තිබේ.

එම ශ්‍රේණිගත කිරිම්වලට අනුව පළමු ස්ථාන තුනෙහිම වෙසක් සිදුව නොමැති අතර ස්ර්බියාවේ නොවැක් ජොකොවික් දෙවැනි ස්ථානයත්, ස්විට්සර්ලන්තයේ ස්ටාන් වව්රින්කා තෙවන ස්ථානයත් ලබා සිටියි.

ඊයේ (14) අවසන් වූ මැඩ්රිවඩ් විවෘත ටෙනිස් තරඟාවලිය ජයගත් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් 05 වන ස්ථානයේ සිට සිව් වන ස්ථානයට පැමිණිමට සමත්ව තිබේ.

පසුගිය ශ්‍රේණිගත කිරිම්වල සිව් වන ස්ථානයේ පසු වූ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් මෙවර ශ්‍රේණිගත කිරිම්වල 05 වන ස්ථානයේ පසු වෙයි.