Back to Top

සයුරෙන් එතෙර

දකුණූ අප්‍රිකානු උප ජනාධිපති ආහාර වර්ජනය කරයි

දකුණූ අප්‍රිකානු උප ජනාධිපති ආහාර වර්ජනය කරයි

May 15, 2017  03:08 pm

Bookmark and Share


දකුණූ අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝසා 24පැයක ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.

 ඊයේ(14) පස්වරු 06.00ට ආරම්භ කළ එම වර්ජනය අද(15) පස්වරු 06.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊශ්‍රාල් බන්ධනාගාර තුළ රදවා සිටින පලස්තීන දේශපාලන සිරකරුවන්ට එල්ල වි ඇති පීඩාකාරි තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු කිරීම මෙහි අරමුණ වේ.

පලස්තීන ජාතිකයින් 1600ක් පමණ ඊශ්‍රාල බන්ධනාගාරවල රඳවා සිටින අතර ඔවුන්ගෙන් පිරිසක්ද උපවාසයක නිරතව සිටියි.