Back to Top

වෙනිසියිලානු  ජනාධිපතිට එරෙහි විරෝධතාවයක්

වෙනිසියිලානු ජනාධිපතිට එරෙහි විරෝධතාවයක්

May 14, 2017  11:07 am

Bookmark and Share


වෙනිසියිලානු  ජනාධිපති නිකොලොස් මදුරෝට එරෙහිව එරට ජනතාව මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරත වේ.

දහස් ගණනක් මෝටර් රථ සහ යතුරුපැදි මාර්ගයේ නවතා ඔවුන් එම විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තා වේ.

වෙනිසියුලාවේ කරකාස් අගනුවර මාර්ග මේ හේතුවෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.

පොලීසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මීට සති 06කට පමණ පෙර සිට විරෝධතාකරුවන් ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවයේ නිරතව සිටින අතර මේ වන විට පුද්ගලයන් 40 දෙනෙකු පමණ මියගොස් තිබේ.