Back to Top

කොදෙව්වන්ට  ලකුණු 304ක ඉලක්කයක්

කොදෙව්වන්ට ලකුණු 304ක ඉලක්කයක්

May 14, 2017  10:55 am

Bookmark and Share


පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය  සඳහා කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක් හිමිව තිබේ.

පකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 376ක් සහ දෙවන ඉනිම සඳහා කඩුලු 08ක් දැවී ලකුණු 174ක් ලබාගත්තේය.

කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේදී ලබාගත්තේ ලකුණු 247ක් පමණයි.

ඔවුන් දෙවන ඉනිමේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 07ක් ලබා සිටියි.

හෙට(15) තරඟයේ අවසන් දිනය වන අතර ජයග්‍රහණය සඳහා  කොදෙව්වන්ට කඩුලු 09ක් අතැතිව තවත් ලකුණු 297ක් ලබාගත යුතුවේ