Back to Top

Ad

 රොබට් මුගාබේ දෑස වසාගෙන සිටින්නේ දෙනෙතට විවේකයක් ලබාදෙන්නයි

රොබට් මුගාබේ දෑස වසාගෙන සිටින්නේ දෙනෙතට විවේකයක් ලබාදෙන්නයි

May 12, 2017  08:09 am

Bookmark and Share

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ රැස්වීම්වලදී දිගු වේලාවක් දෑස වසාගෙන සිටින්නේ දෙනෙතට විවේකයක් ලබාදීම සඳහා බව ඔහුගේ ප්‍රකාශකයා පවසයි.

ජනාධිපති ප්‍රකාශක ජෝජ් චාරම්බා පෙන්වා දෙන්නේ දිගු වේලාවක් දෑස වසාගෙන සිටින්නේ ජනාධිපතිවරයා නින්දට වැටීම නිසා නොවන බවයි.

93 හැවිරිදි සිම්බාබ්වේ ජනාධිපතිවරයා රැස්වීම් ගණනාවකදී නිදා සිටින බවට පසුගිය දිනවල වාර්තා පළ වුණි.

අදාළ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශක පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට දීප්තිමත් ආලෝකය විදීමට නොහැකි බවයි.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ  සිංගප්පූරු රෝහලකින් සිය ඇස්වලට ප්‍රතිකාර ලබා ගන්නා බව ද වාර්තා වෙයි.

ලෝයේ දැනට සිටින වයස්ගතම රාජ්‍ය නායකයා වන්නේ රොබට් මුගාබේ වන වන අතර ඔහු ලබන වසරේ සිම්බාබ්වේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ද ඉදිරිපත්වීමට නියමිතය.