Back to Top

 මුම්බායි ඉන්දියන්ස්-කිංග්ස් ලෙවන් අතර තරගය අදයි

මුම්බායි ඉන්දියන්ස්-කිංග්ස් ලෙවන් අතර තරගය අදයි

May 11, 2017  12:29 pm

Bookmark and Share

 

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර තරඟය අද පැවැත්වෙයි.

තරඟය මුම්බායි හි වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මේ වන විට ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පෙරමුණේ පසුවන අතර කිංග්ස් ලෙවන් පන්ජාබ්  කණ්ඩායම පස් වන ස්ථානයේ රැඳී සිටියි.

ප්‍රසාද ලකුණු සටහනට අනුව ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන ස්ථානයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම රැඳී සිටින අතර තෙවන ස්ථානයේ රැඳී සිටින්නේ රයිසිංග් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.