Back to Top

සයුරෙන් එතෙර

 ඔස්ට්‍රියාවට පැමිණි පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ඔස්ට්‍රියාවට පැමිණි පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

May 11, 2017  11:49 am

Bookmark and Share
Ad

දේශපාලන රැකවරණය සඳහා ඔස්ට්‍රියාවට පැමිණි පුද්ගලයෙකුට එරට අධිකරණයක් විසින්  ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

සිරියාවේදී පුද්ගලයින් 20 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට මෙලෙස සිර දඬුවම් නියම වී ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

27 හැවිරිදි මෙම සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය කර නොමැති අතර පසුගිය වසරේ ඔහු බටහිර  ඔස්ට්‍රියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිරියාවේ යුද අපරාධ සිදුකිරීම  සම්බන්ධයෙන්  ඔස්ට්‍රියාව තුළදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

ඉස්ලාමීය කැරලි කණ්ඩායමකට සම්බන්ධව සිටියදී මෙම අපරාධය සිදුකර ඇති බවට  ඔස්ට්‍රියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් සැකකරු අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටින නතීඥයින් පවසන්නේ ඉදිරියේදී මෙම අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.