Back to Top

සයුරෙන් එතෙර

 ජේම්ස් කොමේගේ විශ්වාසය කඩවුණා

ජේම්ස් කොමේගේ විශ්වාසය කඩවුණා

May 11, 2017  09:18 am

Bookmark and Share


අමෙරිකානු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජේම්ස් කොමේ ඉවත් කිරීම පිළිබඳ සළකා බැලීම ජනාධිපති ට්‍රම්ප්, ධූරයේ වැඩ භාරගත් කාලයේ සිටම ක්‍රියාත්මක වූවක් බව ධවල මන්දිරය පවසයි.

පසුගිය වසරක පමණ කාලය තුළදී හිටපු බුද්ධි අංශ ප්‍රධානියාගේ විශ්වාසය කඩ වී තිබූ බව ධවල මන්දිර ප්‍රකාශකයා සඳහන් කර ඇත.

කෙසේ වුවද අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රම්ප් සහ රුසියාව අතර පැවති සබඳතා පිළිබඳව කොමේ එරට අධිකරණ දෙපාර්තමේන්තුවෙන් කළ වීමසීමක් ඔහුගේ ඉවත් කිරීමට ආසන්නම හේතුව  වී ඇති බවයි.

එසේ වුවද අමෙරිකානු සෙනෙට් මණ්ඩල බුද්ධි අංශ කමිටුව මඟින් සාක්සි විභාගයක් සඳහා ලබන සතියේදී ජේම්ස් කොමේ කැඳවීමට නියමිතය.

මේ අතර රුසියාව සහ අමෙරිකාව අතර සබඳතා ඉහළනැංවීමේ අරමුණින් රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රෝව් අමෙරිකාවේ සංචාරයක නිරතව සිටියි.