Back to Top

 කොදෙව්-පකිස්ථාන තුන්වන ටෙස්ට් තරඟය වින්ඩ්සෝ පාක් හිදී

AdaDerana Ad

කොදෙව්-පකිස්ථාන තුන්වන ටෙස්ට් තරඟය වින්ඩ්සෝ පාක් හිදී

May 11, 2017  08:15 am

Bookmark and Share

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය  බටහිර ඉන්දීය කොදෙව්හි වින්ඩ්සෝ පාක් හිදී පැවැත්වෙයි.

පළමු දිනය නිමා වන විට පකිස්ථාන කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 169ක් ලබාගැනීමට සමත් වුණි.

වර්ෂාවෙන් තරඟයට බාධා එල්ල වූ අතර පළමු දිනය පන්දු වාර 69කට සීමා කිරීමට සිදුව තිබේ.

පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් අසාර් අලී නොදැවී ලකුණු 85ක් ලබාගත් අතර බාබර් අසාම් ලකුණු 55ක් ලබාගත්තේය.

මෙම තරඟය පකිස්ථාන කණ්ඩායමේ මිස්බාඋල් හක් සහ යුනිස් ඛාන් සහභාගී වන අවසන් ටෙස්ට්  තරඟය වෙයි.