Back to Top

ජය සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමටයි

ජය සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමටයි

April 20, 2017  10:10 am

Bookmark and Share



ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (19) පැවති තරඟයෙන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පරදවා සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 15ක ජයක් හිමිකරගෙන තිබේ.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 191ක් ලබාගත්තාය.

එහිදී කෙන් විලියම්සන් ලකුණු 89ක් සහ ශිකර් දවාන් ලකුණු 70ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී දිල්ලි කණ්ඩායමේ ක්‍රිස් මොරිස් කඩුලු 04ක් බිඳ හෙළුවේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 176ක් පමණි.

එම ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31ක් ලබාගත්තේය.