Back to Top

ඉන්දියාවේ බස් අනතුරින් 44ක් මරු දකියි

ඉන්දියාවේ බස් අනතුරින් 44ක් මරු දකියි

April 19, 2017  02:52 pm

Bookmark and Share

ඉන්දියාවේ ,සිම්ලා ප්‍රදේශයේ දී බස් රථයක් ගඟකට වැටී පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරකට ලක්වන අවස්ථාවේ මගීන් 50 කට වඩා වැඩි පිරිසක් මෙම බස් රථයේ සිටි බවද විදෙස් මාධ්‍ය පවසයි.

16 P 0045 නම් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

මෙම බස් රථය මීටර් 250ක් පමණ පහලින් වූ ගංගාවට පෙරළී ඇති බවද වාර්තා වේ.

බස් රථයේ ගමන් කළ තුවාල ලැබූවන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් විසින් රෝහල්ගතකර ඇති බවද වාර්තා වේ.