Back to Top

ෆෙස්නෝ නගරයේ වෙඩි තැබීමකින් 3ක් මරු දකියි

AdaDerana Ad

ෆෙස්නෝ නගරයේ වෙඩි තැබීමකින් 3ක් මරු දකියි

April 19, 2017  08:47 am

Bookmark and Share


අමෙරිකාවේ ෆෙස්නෝ නගරයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදි තවත් අයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

  වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි කෝරි අලී මොහොමඩ් නමැති අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 කෙසේවෙතත් අදාළ පුද්ගලයා කිසියම් ත්‍රස්තවාදී සංවිධානයකට අයත් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.