Back to Top

කොදෙව් සංචිතයට කිරන් පවෙල් නම් කරයි

AdaDerana Ad

කොදෙව් සංචිතයට කිරන් පවෙල් නම් කරයි

April 18, 2017  02:20 pm

Bookmark and Share


පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට කිරන් පවෙල් නම් කර තිබේ .

වසර 03ක පමණ කාලයකින් අනතුරුව කිරන් පවෙල් කෙදෙව් ටෙස්ට් සංචිතයට කැඳවූ පළමු අවස්ථාව මෙය වේ.

27 හැවිරිදි කිරන් පවෙල් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 21 කට සහභාගී වී ලකුණු 1072ක් ලබාගෙන සිටියි.

 2011 වසරේදී කෙදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් ඔහුගේ අවසන් ටෙස්ට් තරඟාවලිය වූයේ 2014 වසරේ නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟාවලියයි.

කෙසේවෙතත් පාකිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ කොදෙව් සංචිතයට මාලන් සැමුවෙල්ස්, ඩැරන් බ්‍රාවෝ සහ ලියොන් ජොන්සන් යන ක්‍රීඩකයින් ඇතුළත් කර නැත.

තරඟාවලියේ පළමු තරඟය  ලබන 21 වනදා කිංග්ස්ටන් හීදී පැවැත්වීමට නියමිතය.