Back to Top

තුර්කි ජනපතිට ට්‍රම්ප්ගෙන් සුබපැතුම්

තුර්කි ජනපතිට ට්‍රම්ප්ගෙන් සුබපැතුම්

April 18, 2017  02:10 pm

Bookmark and Share


ජනාධිපති බලතල ඉහළ නැංවීම සඳහා පැවැත්වූ ජන මත විචාරණයෙන් ජයගත් තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩොගන් හට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබපැතුම් එක් කර තිබේ.

 අමෙරිකානු ජනාධිපතිවරයා තුර්කි ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ලැබූ ජයග්‍රහණයට සුභපතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 එහිදී පසුගිය හත් වනදා සිරියානු ගුවන් හමුදා කඳවුරකට අමෙරිකානු මිසයිල ප්‍රහාරය එල්ල කිරීමේදී දැක්වූ සහයෝගය වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කි ජනාධිපතිවරයාට සිය ස්තූතිය පළ කර ඇති බව ද සඳහන්වේ.


තුර්කි ජනාධිපතිවරයාට  2029 තෙක් බලයේ රැදී සිටීමට අවශ්‍ය කටයුතු සැළසීමට අදාළව පසුගිය ඉරිදා පැවති ජනමත විචාරණයේදී එම යෝජනාවට පක්ෂව සියයට 51.37ක ඡන්ද ප්‍රතිශතයක් හිමි විය.

MOST VIEWED VIDEO STORIES