Back to Top

ජය කොල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමටයි

ජය කොල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමටයි

April 18, 2017  09:51 am

Bookmark and Share



ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(17) පැවති තරඟවලින්  කොල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම් ජය ලබාගෙන තිබේ. 

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමග පැවති තරඟයෙන් කඩුලු 4කින් ජයගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත්ව විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහැදුන් දිල්ලි කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් ලබාගත් අතර කොල්කටා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. 

 මේ අතර කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 5කින් ජය ගැනීමට සන්රයිසස් හයිද්රාපබාද් කණ්ඩායම සමත් විය.

 ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 159ක් ලබාගත් අතර පන්ජාබ් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 154ක් පමණය.