Back to Top

ජය රයිසින්ග් පූනේ සුපර් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටයි

ජය රයිසින්ග් පූනේ සුපර් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටයි

April 17, 2017  08:35 am

Bookmark and Share


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ පැවති තරඟ වලදී  රයිසින්ග් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය ගත්තේය.

ඊයේ (16)පැවති තරඟයකදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පූනේ කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 08කට ලකුණු 161ක් ලබාගත් අතර පිළිතුරු වශයෙන් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134ක් පමණි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 04ක් දැවී ලකුණු 176ක් ලබාගත්තේය.

බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 64යි.

ලසිත් මාලිංග එක් කඩුල්ලක් දවාගත්තේය.

පිළිතුරු වහයෙන් මුම්බායි කණ්ඩායම කඩුලු 04ක්  පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.