Back to Top

 පකිස්ථාන හා ඉන්දිය කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර  තරඟයේ දෙවන දිනය අදයි

AdaDerana Ad

පකිස්ථාන හා ඉන්දිය කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර තරඟයේ දෙවන දිනය අදයි

April 16, 2017  02:22 pm

Bookmark and Share


සංචාරක පකිස්ථාන කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින තරඟයේ දෙවන දිනය අද(16)යි

ඊයේ(15) දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි  බටහිර ඉන්දීය කොදෙව් සභාපතිගේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 311ක් ලබා සිටියේය.

 එම ඉනිම වෙනුවෙන් ශිම්රොන් හෙට්මෙයර් ලකුණු 97ක් ලබාගත් අතර විශාවුල් සිං ලකුණු 81ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියි.

 පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර් කඩුලු දෙකක් බිද හෙලුවේය.

   කොදෙව් කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර ටෙස්ට් තරඟ තුනක් පැවැත්වීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය ලබන 21 වන දින කිංග්ස්ටන්හිදී ආරම්භ වීමට නියමිතය.