Back to Top

නයිට්රයිඩර්ස්-ඩෙවිල්ස් කණ්ඩායමට ජය

නයිට්රයිඩර්ස්-ඩෙවිල්ස් කණ්ඩායමට ජය

April 16, 2017  10:54 am

Bookmark and Share


ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ(15) පැවති තරගවලින් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලිඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ජය ගැනීමට සමත් වුණි.

 සන්රයිසස් කණ්ඩායම හමුවේ කොල්කටා කණ්ඩායම ජයගත්තේ ලකුණු 17කිනි.

 කොල්කටා කණ්ඩායම පන්දුවාර 20 දී ලකුණු 172ක් ලබාගැනීමට සමත් වුණි.

රොබින් උත්තාපා ලකුණු 68යි.

පිළිතුරු වශයෙන් සන්රයිසස් කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 155ක් පමණි.

මේ අතර දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ප්රවථමයෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 188ක් ලබා ගැනීමට සමත් වුණි.

 පිළිතුරු වශයෙන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු නවයක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 137ක් පමණි.

 මේ වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්ව තිබේ.

 මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දෙවන ස්ථානයටත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම තෙවන ස්ථානයටත් පත්ව සිටියි.