Back to Top

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

April 13, 2017  10:03 am

Bookmark and Share
ඉන්දීය ප්‍රමියර් ලීග් ක්‍රිකට් කරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් කඩුලු 04ක ජයක් හිමි කරගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (12) සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව හයිද්‍රාබාද් කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී මුම්බායි කණ්ඩායමේ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 03ක් සහ හර්බජන් සිං කඩුලු 02ක් බිඳ හෙලූ අතර ලසිත් මාලිංගද එක් කඩුල්ලක් බිඳ හෙළා ඇත.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.