Back to Top

ජය බංග්ලාදේශයටයි

ජය බංග්ලාදේශයටයි

March 19, 2017  04:07 pm

Bookmark and Share


බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය මීට ටික වේලාවකට පෙර වාර්තා කළේය.

මෙම තරඟය බංග්ලාදේශය සහභාගිවූ  සියවන ටෙස්ට් තරගයයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් හඹා ගිය, බංග්ලාදේශ ක්‍රීඩකයින්, කඩුලු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී සීමාව පසු කළේය.

මීට පෙර කිසිදු අවස්ථාවක බංග්ලාදේශය විසින් ටෙස්ට් තරගයකදී ශ්‍රී  ලංකා කණ්ඩායම  පරාජය කර නොතිබීම විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණයේ තවත් විශේෂත්වයක් වන්නේ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකීක ක්‍රීඩකයින් දෙපලක් වන චන්දික හතුරුසිංහ සහ තිලාන් සමරවීර කටයුතු කිරීමය.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩයම සියලු දෙනා දැවී ලකුණු 338 ක් රැස් කළ අතර, ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ, බංග්ලාදේශ ක්‍රීඩකයින්, සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 කි.

තරගය අද 5 වැනි දිනය සඳහා ආරම්භ කරන විට, දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 268 ක් රැස් කර ගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුලු 2 ලකුණු 22 ක් තුළදී බිඳ වැටුණි.

තමීම් ඉක්බාල් ලකුණු 82 ක් රැස් කළ අතර, සෞම්‍ය සාකර් ලකුණු 10 යි.

ශබීර් රහමන් ලකුණු 41 ක් රැස් කළේය.